වැඩිම පැමිණිලි සෞදි අරාබියෙන්

Sunday, 15 May 2016 - 13:56

%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
2015 වසරේදී විදේශ රැකියාවල නිරතවන පුද්ලයින්ගෙන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගෙන් පැමිණිලි 10505 ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත ලැබී තිබෙනවා.

ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ සෞදි අරාබියේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගෙන් බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

එම සංඛ්‍යාව 3668ක්.

එමෙන්ම කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගෙන් පැමිණිලි 1901ක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් 963ක් කටාර් රාජ්‍යයෙන් පැමිණිලි 726ක් බහරේන් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගෙන් පැමිණිලි 366 ක් ලැබී තිබෙනවා.

මෙලෙස පැමිණිලි ලැබී ඇත්තේ සේව්‍ය පාර්ශවයෙන් සේවා ගිවිසුම් උල්ලංඝනය කිරීම පොරොන්දු වූ රැකියාව සහ වැටුප නොලැබීම වැනි කරුණු මුල් කරගනිමින් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.