ආරක්ෂිත සහල් තොගයක් වෙළඳපොලට

Thursday, 14 July 2016 - 12:53

%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B6%A7
ඉහළ ගොස් ඇති සහල් මිල පාලනය කිරීම සඳහා රජය විසින් ආරක්ෂිත සහල් තොග වෙළඳපොලට නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු සහ පුහුණු කිරීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ මේ යටතේ සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂ දෙකක් වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

පසුගිය මාස කිහිපයේ සහල් කිලෝග්‍රෑමයක් රුපියල් අටත් 15 ත් අතර මිලකින් ඉහළ ගොස් තිබුණා.

මීට පෙර නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 75 ත් 80 ත් අතර මිලකට අලෙවි වූ අතර, සුදු සහ රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක මිල සටහන් වූයේ රුපියල් 80 ක් ලෙසයි.