ඉරාන තෙල් යළි ශ්‍රී ලංකාවට

Monday, 25 July 2016 - 13:23

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
ඇමරිකාව, ඉරානයට පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමෙන් පසු නැවත එරටින් ඛනිජ තෙල් මිලදී ගැනීමට ලක් රජය තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉරානයේ ඛනිජ තෙල් අමාත්‍ය බිජාන් සන්ගනේ සහ ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි අතර ඊයේ ටෙහෙරාන් නුවරදී පැවැත්වුණා.  

2012 වසරෙන් පසු පැනවූ සම්බාධක හේතුවෙන් ඉරානයෙන් මෙරටට තෙල් ආනයනය කිරීම අත්හිටුුවනු ලැබුවා.

ඛනිජ තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් පවත්වන සාකච්ඡාවලින් පසු දෙරට අතර ඊට අදාළ ගිවිසුමක් අත්සන් කිරීමටද නියමිතයි.

ඛනිජ  තෙල් කර්මාන්ත අමාත්‍ය චන්දිම වීරක්කොඩි සමඟ මෙම සාකච්ඡාවට නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනෙකුද එක්ව සිටිනවා.

එමෙන්ම මෙහිදී නව පිරිපහදුවක් මෙරටට ලබාගැනීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා ඉරාන බලධාරීන් සමඟ සාකච්ඡා කරනු ඇති බවයි ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් සුදර්මා කරුණාරත්න සඳහන් කළේ.