ජර්මනියෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 13ක්

Tuesday, 26 July 2016 - 13:23

%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+13%E0%B6%9A%E0%B7%8A
මේ වසර තුළ දිවයිනේ සංවර්ධන ව්‍යාපෘති 5ක් සඳහා ජර්මනිය යුරෝ මිලියන 13ක ප්‍රදානයක් ලබාදී තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජර්මානු චාරිකාවේදී පොරොන්දු වූ පරිදි ජර්මනිය මෙම මූල්‍ය ආධාරය ලබාදී ඇති බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කළේ.

විල්පත්තු ජාතික වනෝද්‍යානය සහ එහි පෝෂණ කලාප කළමනාකරණ ව්‍යාපෘතිය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන ව්‍යාපෘතිය, සමාජ අන්තර්ග්‍රහණ ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති සඳහා අදාළ මූල්‍යාධාරය භාවිත කරනු ඇති.

එමෙන්ම ජර්මනිය විසින් ලබාදී ඇති යුරෝ මිලියනයක තවත් මූල්‍යාධාරයක් යටතේ මෙරට යටිතල පහසුකම් ප්‍රමිතිය ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.