ශ්‍රී ලංකාවට ඇමරිකානු සංවර්ධන ආධාර වැඩි වේ

Friday, 29 July 2016 - 7:32

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%9A
ශ්‍රී ලංකාවට ලබාදෙන සංවර්ධන ආධාර ප්‍රමාණය ඉදිරියේදී ඉහළ නංවන බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා.

අන්තර් ජාතික සංවර්ධනය සදහා වූ එක්සත් ජනපද යූ.එස්.ඒඞ් ආයතනයේ ශ්‍රී ලංකා නව දුත මණ්ඩල අධ්‍යක්ෂ ආචාර්ය ඇන්ඩෲ සිසොන් මේ බව ප්‍රකාශ කළේ සිය තනතුරේ වැඩභාර ගනිමින්. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේශප් ද සහභාගි වුණා.

මෙහිදී තානාපතිවරයා අවධාරණය කළේ එක්සත් ජනපද  - ශ්‍රී ලංකා සබදතාවල කිසිදා නොවූ විරු සහයෝගිතාවක් දැන් දක්නට ලැබෙන බවයි.

2015 - 2016 මූල්‍ය වර්ෂය සදහා දළ වශයෙන් රුපියල් කෝටි 870 ක සංවර්ධන ආධාර ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් හිමිවන බව තානාපතිවරයා සදහන් කළා.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා යූ.එස්.ඒඩ් ආයතනයේ ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලය ද ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවයි තානාපති අතුල් කේශප් කියා සිටියේ.