කොටස් වෙළඳපොළ පහළට

Tuesday, 30 August 2016 - 8:04

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේ නැවතත් පහත වැටීමක් පෙන්නුම් කළා.

මෙලෙස දෙවන දිනටත් කොටස් මිල පහත වැටීමට මූලික වශයෙන් බලපා ඇත්තේ ඞීසල් නිෂ්පාදන බද්ද ඉහළ නැංවීම නිසා ලංකා IOC කොටස්වලට එල්ල වූ බලපෑමයි.

ඩීසල් නිෂ්පාදන බද්ද ලීටරයකට රුපියල් 10කින් ඉහළ නැංවීමත් සමඟ පසුගිය සිකුරාදා IOC කොටස් මිල සියයට 10.5කින් පහත වැටුණා.

ඊයේ දිනයේදී ද IOC කොටස් මිල සියයට 2කට වැඩි ප්‍රමාණයකින් පහත වැටී තිබෙනවා.

සමස්ත දර්ශකය ඊයේ දිනය අවසනදී 6540ක් ලෙස සටහන් වූ අතර, එය අගෝස්තු 12 වැනිදායින් පසු වාර්තා වූ පහළම අගයයි.

කොටස් වෙළදපොළ මිල දර්ශක පසුගිය අගහරුවාදා මැයි 20 වන දායින් පසු ඉහළම අගයන් වාර්තා කළා.

සති 4ක් තිස්සේ වර්ධනය වූ කොටස් වෙළදපොළ මිල දර්ශක පසුගිය සතියේ සියයට දශම හතයි අටකින් පහත වැටුණා.

කෙසේ නමුත් ඊයේ දිනයේදී ද විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 212.8ක කොටස් මිලදී ගත්තේ මේ මාසයේ ශුද්ධ විදේශ ආයෝජන ගලනය රුපියල් මිලියන 939.3 දක්වා ඉහළ නංවමින්.

කොටස් වෙළදපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 889.9ක්.