එටිසලාට් වෙතින් නව ඩේටා බන්ඩ්ල් ක්‍රමයක්

Monday, 05 September 2016 - 16:49

%E0%B6%91%E0%B6%A7%E0%B7%92%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%A9%E0%B7%99%E0%B7%8A%E0%B6%A7%E0%B7%8F+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සිය ඩේටා බන්ඩ්ල් ක්‍රමය මුළුමනින්ම වෙනස්කර නව ක්‍රමයක් හඳුන්වා දීමට එටිසලාට් ලංකා සමාගම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දවසේ  ඕනෑම වෙලාවක ඩේටා භාවිතා කළ හැකි ඩේටා බන්ඩ්ල් ක්‍රමයක් හඳුන්වා දීමට එටිසලාට් ලංකා කටයුතු කර ඇත්තේ.

දිවා සහ රාත්‍රී වශයෙන් ඩේටා භාවිතයේ සීමාවන් වෙන් කිරීමේදී පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන බව එටිසලාට් සමාගම පෙන්වා දෙනවා.

එම ක්‍රමය යටතේ සාමාන්‍යයෙන් වැඩි ඩේටා ප්‍රමාණයක් හිමිවන්නේ මධ්‍යම රාත්‍රියෙන් පසුව වන බැවින් ඩේටා භාවිතයේදී විවිධ දුෂ්කරතා මතුවන බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.  

මෙසේ වෙළඳපොළේ අනෙකුත් සේවා සම්පාදකයන් විසින් මධ්‍යම රාත්‍රියෙන් පසුව වැඩිපුර ඩේටා ප්‍රමාණයක් ලබාදුන්න ද එටිසලාට් මගින් හිමිවන ඩේටා දවසේ  ඕනෑම වෙලාවක භාවිතා කළ හැකි නිසා තමන්ට හිමි ඩේටා ප්‍රමාණය තමන්ට රිසි සේ භාවිතා කිරීමේ නිදහස එටිසලාට් පාරිභෝගිකයන්ට හිමි වනු ඇති.

මෙය ඔවුන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු නොඅනුමාන බවයි එටිසලාට් සමාගම සඳහන් කලේ.

දවසට අදාළ ඩේටා ප්‍රමාණයට අමතරව රාතියේ නොමිලේ ඩේටා ප්‍රමාණයක් සහ නොමිලේ SMS ලබාදීමටද එටිසලාට් කටයුතු කරයි.

වැඩි විස්තර: http://smarturl.it/EtisalatInternetPre

072 ජාලය මෙරට මෙහෙයුම් ආරම්භ කර වසර 25 කට වැඩි කාලයක් ඉක්ම ගොස් තිබෙනවා.

එම කාලය පුරාවට පාරිභෝගිකයන්ට අඛණ්ඩව, විශිෂ්ට සේවාවක් සැලසීමට එම ජාලය සමත් වී ඇති අතර නව සේවාව සමගින් පාරිභෝගිකයන්ට දැන් දවසේ  ඕනෑම අවස්ථාවක, සාධාරණ ගාස්තු යටතේ, වෙළඳපොළේ වඩාත්ම තරගකාරී පැකේජ ලබාගනිමින්, තමන්ට රිසි පරිදි අන්තර්ජාලයේ සැරිසැරීමට අවස්ථාව උදාවීම විශේෂත්වයක්.