2016 සමස්ත ලංකා පාසැල් නෙට්බෝල් තරගාවලියට එයාටෙල් අනුග්‍රහය

Wednesday, 07 September 2016 - 14:50

2016+%E0%B7%83%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B6%BA
2016 සමස්ත ලංකා පාසැල් නෙට්බෝල් තරගාවලියට අනුග්‍රහය දැක්වීමට භාර්තී එයාටෙල් සමාගම ඉදිරිපත්වී තිබෙනවා.

ඒ මෙම තරගාවලියේ එකම අනුග්‍රාහකයා ලෙසටයි.

ලොව විශිෂ්ඨතම ජංගම දුරකථන සේවා සමාගම් 3 අතරට එක්ව සිටින භාර්තී එයාටෙල් සමාගම පෙන්වා දෙන්නේ ලංකාවේ තරුණ පරපුරේ උන්නතිය සඳහා නව මං සෙවීමට සැම විටම එයාටෙල් කටයුතු කරන බවයි.

මෙවැනි වැඩසටහන් මගින් තරුණ පරපුරට සාර්ථක නායකයන් ලෙස සමාජයට පිවිසීමට අවස්ථාව ලැබෙන බවට දැඩිව විශ්වාස කරන බවයි භාර්ති එයාටෙල් ලංකා සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ජිනේෂ් හෙග්ඩේ මහතා සඳහන් කලේ.

මෙවර සමස්ත ලංකා පාසල් නෙට්බෝල් තරගාවලියේ ඵළාත් අධියරට පාසැල් 330 ක් නියෝජනය කරමින් සිසු සිසුවියන් 13000 ක් පමණ සහභාගී වී තිබෙනවා.

අවසන් වටයේදී එයාර්ටෙල් දැල් පන්දු කිරුළ සඳහා පාසැල් 54 ක් නියෝජනය කරමින් සිසු සිසුවියන් 1200 ක් පමණ තරග වැදීමට නියමිතයි.