2017 අයවැයට මහජන අදහස් විමසීම ඇරඹේ

Tuesday, 13 September 2016 - 8:40

2017+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
2017 ජාතික අයවැය සඳහා මහජනතාවගෙන්, සිවිල් සංවිධාන, වාණිජ ආයතන සහ ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන් යෝජනා කැදවීම දැන් ආරම්භ වී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

මෙම යෝජනා ලබන ඔක්තෝම්බර් 1 වන දා දක්වා භාර ගන්නා බවයි අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.

ජාතික අයවැය සඳහා වන යෝජනා මුදල් අමාත්‍යාංශයේ වෙළඳ හා අයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත තැපෑලෙන් හෝ විද්‍යුත් තැපෑල ඔස්සේ යොමු කළ හැකියි.

2017 වසර සඳහා වන අයවැය යෝජනාවලිය නොවැම්බර් මස දෙවන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

 



අයවැය හිඟය විශාල ලෙස පුළුල්වන බවට පළවන වාර්තා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි
Sunday, 02 August 2020 - 9:28

මේ වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සංකෝචනය වන බවට සහ අයවැය හිඟය... Read More

ජූලි මාසයේ උද්ධමනය ඉහළට
Saturday, 01 August 2020 - 20:01

පසුගිය ජූලි මාසයේ මෙරට වාර්ෂික උද්ධමනය සියයට 4. 8 දක්වා සුළු... Read More

කොළඹ කොටස් වෙළඳපොළ වර්ධනයක්
Saturday, 01 August 2020 - 7:48

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ නැවතත් වර්ධනයක් පෙන්නුම්... Read More