IMF නියෝජිත පිරිසක් මුදල් ඇමති හමුවෙයි

Wednesday, 14 September 2016 - 7:53

IMF+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ඊයේ මුදල් අමාත්‍ය රවී කරුණානායක හමුවුණා.

ඒ, ශ්‍රී ලංකාවට අනුමත කරන ලද ණය සම්බන්ධයෙන් වන සමාලෝචනයකටයි.

ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක් වන මෙම ණය මුදලේ මුල් කොටස පසුගිය ජූනි මාසයේදී නිදහස් කළ අතර, එය කොටස් පහකින් ලබාදීමට නියමිතයි.

රටේ මූල්‍ය ස්ථාවරත්වය සහ ඉදිරි අරමුණු පිළිබඳව මෙහිදී අමාත්‍ය රවී කරුණානායක මූල්‍ය අරමුදලේ නියෝජිතයන් දැනුවත් කළ අතර රජයේ වැඩපිළිවෙල පිළිබඳව ඔවුන් එහිදී ප්‍රශංසාව පළ කර තිබෙනවා.