ශ්‍රී ලන්කන් ලාහෝරයට

Tuesday, 27 September 2016 - 8:56

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%8F%E0%B7%84%E0%B7%9D%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
ශ්‍රී ලන්කන් ජාතික ගුවන් සේවය පාකිස්තානයේ ලාහෝර් නුවර වෙත ගුවන් ගමන් අද ආරම්භ කරනවා.

ඒ, ආසියානු සහ මැදපෙරදිග කලාප වෙත ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙල යටතේයි.

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ අගනුවර වන ලාහෝරය මිලියන 10ක ජනගහනයකින් යුක්තයි.

ලාහෝරය වෙත ශ්‍රී ලන්කන් ගුවන් ගමන් සතියකට දෙකක් බැගින් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ඒ 320 සහ 321 එයාර් බස් යානා යොදා ගැනෙනු ඇති.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය දැනට පාකිස්තානයේ විශාලතම නගරය සහ වාණිජ මධ්‍යස්ථානය වන කරච්චි වෙත දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලබනවා.