MD කෝඩියල් \"පළතුරු ඩබල්\" නවතම ප්‍රවර්ධන වැඩසටහන ඇරඹේ

Friday, 30 September 2016 - 13:35

MD+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%5C%22%E0%B6%B4%E0%B7%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%A9%E0%B6%B6%E0%B6%BD%E0%B7%8A%5C%22+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
කෝඩියල් නිශ්පාදන ක්ෂේත්‍රයේ නොමඳ විශ්වාසය හිමිකරගත් ලංකා කැනරීස් පුද්ගලික සමාගමේ ප්‍රමුඛතම නිශ්පාදනයක් වන MD කෝඩියල් සඳහා නවතම ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ වී තිබෙනවා.

\"පළතුරු ඩබල්\" ලෙස නම්කර ඇති මෙම ප්‍රවර්ධන වැඩසටහනේදී MD කෝඩියල් මිශ්‍ර පළතුරු / දොඩම් / අඹ සහ පැෂන් ෆෘට් මිලිලීටර් 400 සහ 750  මාදිලි සඳහා ආකර්ෂණීය ඇසුරුම් ද හඳුන්වාදීම සිදු කෙරුනා.

මෙම ප්‍රවර්ධන වැඩසටහන MD කෝඩියල්වල දෙගුණයක් වැඩිපුර පළතුරු ප්‍රවර්ධන වැඩසටහනේ තවත් ඉදිරි පියවරක් බවයි ලංකා කැනරීස් පුද්ගලික සමාගම සඳහන් කලේ.

නවතම ප්‍රවර්ධන වැඩසටහන තුලින් MD කෝඩියල් නිශ්පාදන පෙළේ අසමසම රසයත් ඉහළ පළතුරු සාරයත් මනාව පිළිබිඹු කරන බවයි ලංකා කැනරිස් සමාගමේ විකුණුම් සහ අලෙවි උපදේශක අසෝක බණ්ඩාර ප්‍රකාශ කලේ.