නව තෙල් පිරිපහදුවත් ත්‍රිකුණාමලයේ

Friday, 07 October 2016 - 12:51

%E0%B6%B1%E0%B7%80+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A
ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස දිනකට තෙල් බැරල් ලක්ෂයක් පිරිපහදු කළ හැකි නව තෙල් පිරිපහදුවක් ත්‍රිකුණාමලයේ ඉදිකෙරෙන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා.

රොයිටර් පුවත් සේවය සදහන් කළේ ඉන්දු - ශ්‍රී ලංකා සහයෝගිතාව ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ඇති බවයි.

ලංකා අයි. ඕ.සී සමාගම සහ ඛනිජ තෙල් සංස්ථාව මෙම ව්‍යාපෘතිය මගින් පිරිපහදු තෙල් අපනයනය කිරීමට ද සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 99ක් අතුරෙන් 15 ක් මේ වනවිට ලංකා අයි. ඕ.සී මගින් ඉන්ධන ගබඩා කිරීම සදහා යොදාගනු ලබනවා. ඉතිරි ටැංකි 84 නව පිරිපහදුවේ ගබඩා කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතයි.

මේ අතර, සාම්පූර් හි යෝජිත ගල් අගුරු තාප විදුලි බලාගාරය ස්වභාවික වායු බලාගාරයක් බවට පත් කිරීම සදහා ද ඉන්දීය සහාය හිමිවනවා.

මෙගවොට් 500 ක ධාරිතාවකින් යුත් තාප විදුලි බලාගාරයක් සාම්පූර්හි ඉදිකිරීමට යෝජනා වුව ද පාරිසරික හේතුන් මත එම සැලසුම් වෙනස් කෙරුණා.

ඒ අනුව, එහි ස්වභාවික වායු බලාගාරයක් ඉදිකිරීම සදහා ඉන්දීය සමාගමක් දැනටමත් උනන්දුව දක්වා ඇති බව සදහන්.