පවුම කඩා වැටේ

Saturday, 08 October 2016 - 7:45

%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%B8+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
බ්‍රිතාන්‍යයේ ස්ටර්ලින් පවුමේ අගය ඊයේ දිනයේදී 1985න් පසු පහළම මට්ටමට පැමිණියා.

දිනක් තුළ එහි අවප්‍රමාණ වීම සියයට 6ක් පමණ වූ අතර, පවුමේ අගය ඇමරිකානු ඩොලර් 1.18ක් දක්වා පහත වැටී තිබෙනවා.

කෙසේ නමුත් පසුව එය ඩොලර් 1.24 දක්වා ප්‍රකෘතිමත් වී තිබෙනවා.

පසුගිය ජුනි 24 වන දා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ජනමත විචාරණයෙන් පසු පවුම වැඩිම අවප්‍රමාණයකට ලක්වූයේ ඊයේ දිනයේයි.

ආසියානු වෙළදපොළේ මූල්‍ය ගනුදෙනු ඊයේ ආරම්භ වූ මොහොතේ පවුමේ අගයට බලපාන අහිතකර ප්‍රවෘත්තිවලට ස්වංක්‍රීය පරිඝනක පද්ධතිය ප්‍රතිචාර දැක්වීම එය විශාල වශයෙන් අවප්‍රමාණවීමට හේතුව ලෙස සැලකෙනවා.

කෙසේ නමුත්, බ්‍රිතාන්‍ය මුදල් අමාත්‍යවරයා සදහන් කළේ මුදලේ අගය විචලනයවීම ආර්ථික අවපාතයක් ලෙස සැලකිය නොහැකි බවයි.