IMF, ශ්‍රී ලංකාව ගැන සුබවාදී බලාපොරොත්තුවකින්

Saturday, 08 October 2016 - 12:37

IMF%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
අන්තර් ජාතික මූල්‍ය අරමුදල, මෙරට ඉදිරි ආර්ථික වර්ධනය පිළිබඳ සුබවාදී වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ආසියා පැසිෆික් කලාපීය ආර්ථික පෙර දැක්ම ලෙස නම් කර ඇති එම වාර්තාවේ දැක්වෙන පරිදි 2016 - 2017 වර්ෂය තුළ ශ්‍රී ලංකාව සියයට 5 ඉක්ම වූ ශක්තිමත් ආර්ථික වර්ධනයක් හිමි කර ගනු ඇති.

මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 4.1ක් වනු ඇති බවත්, එය ලබන වසරේදී සියයට 5.3 දක්වා ඉහළ යනු ඇති බවත්, අයි.එම්.එෆ්. ඇගයීම් වාර්තාවේ සදහන්.

මේ වසරේ සියයට 1.5ක් වන ජංගම ගිණුම් ශේෂය ලබන වසරේදී සියයට 2.8 දක්වා ඉහළ යනු ඇති බවටත් අයි.එම්.එෆ්. වාර්තාව අනාවැකි පළ කළා.

අයි.එම්.එෆ් අනාවැකියට අනුව මෙරට ආර්ථික වර්ධනය පිළිබදව ඉදිරිපත් කර ඇති අනාවැකි දත්ත ලෝක බැංකුවේ එම දත්තවලට වඩා ඉහළ අගයන් ගැනීම ද විශේෂත්වයක්.

අයි.එම්.එෆ්. වාර්තාවේ දැක්වෙන පරිදි කලාපයේ ඉහළම ආර්ථික වර්ධනයක් අත්කර ගනු ඇත්තේ 2016 - 2017 වසර තුළ ඉන්දියාවේ ආර්ථික වර්ධනය සියයට 7.6ක් පමණ වනු ඇති බවයි අයි.එම්.එෆ්. වාර්තාවේ දැක්වෙන්නේ.