වී මිලදී ගැනීම නතර වෙලාද

Monday, 10 October 2016 - 13:02

%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF
වී මිලට ගැනීම මේ වනවිට තාවකාලිකව නතර වී ඇත්තේ ගොවීන් පෞද්ගලික අංශයට වී අලෙවි කිරීමට පෙළඹී ඇති නිසා බව වී අලෙවි මණ්ඩලය පවසනවා.

පසුගිය යළ කන්නයේදී වී මෙටි‍්‍රක් ටොන් 25000 ක් පමණ ඔවුන් මිලට ගෙන ඇති අතර, වී මිලට ගැනීම නතර කර ඇති බවට පසුගියදා මාධ්‍ය මගින් කරුණු අනාවරණ කර තිබුණා.

මේ පිළිබඳ හිරු ප්‍රවෘත්ති වී අලෙවි මණ්ඩලයේ සභාපති  එම්.බී. දිසානායකගෙන් කළ විමසීමකට පිළිතුරු ලෙසයි ඔහු මෙම අදහස් පළ කළේ.