කොටස් වෙළඳපොළ පහළට

Tuesday, 18 October 2016 - 8:44

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ නැවතත් පහත වැටීමක් පෙන්නුම් කළා.

සමස්ත දර්ශකය  දිනය අවසන දී 6469.41ක් ලෙස සටහන් වූ අතර, දර්ශකය 6500  සීමාවට වඩා පහත වැටුණේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදියි.

කොටස් වෙළඳපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 85ක් පමණයි.

මේ අතර, ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා පැවති ඉල්ලුම අභිබවා අපනයනකරුවන් ඩොලර් විකිණීම හේතුවෙන් රුපියලේ අගය තවදුරටත් ස්ථාවරව පැවතුණා.

ඩොලරයක් සඳහා විනිමය අනුපාතිකය ඊයේ සටහන් වූයේ රුපියල් 146යි ශත 90ක් ලෙසයි.

මහබැංකුවේ මැදිහත්වීමකින් තොරව රුපියලේ අගය පාලනය වීම විශේෂත්වයක් බවයි තැරැව්කරුවන් පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත්, ඉදිරියේදී ආනයන ඉහළ යාමත් සමඟ රුපියලේ අගය පහත වැටීමේ ප්‍රවණතාවක් පවතින බව ඔවුන්ගේ අදහසයි.