වෙන්දේසියට උඩරට තේ හිඟයක්

Monday, 24 October 2016 - 8:18

%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%8B%E0%B6%A9%E0%B6%BB%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සිය දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් පසුගිය දිනවල වතු කම්කරුවන් විරෝධතාවයේ නිරතවීම නිසා වෙන්දේසියට ප්‍රමාණවත් පරිදි තේ නොලැබෙන බවට වාර්තාවනවා.

පසුගිය සතියේදී වෙන්දේසිය සඳහා ඉල්ලුමට සරිලන ලෙස කන්ද උඩරටින් තේ ලැබී නොතිබුණු බවයි වැවිලිකරුවන් පෙන්වා දෙන්නේ.  

කන්ද උඩරටින් ලැබෙන තේ කිලෝග්‍රෑමයක් රුපියල් 350 ත් 500 ත් අතර මිලකට අලෙවි වනවා.