මිහින්ලංකා සේවකයන් 125ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට

Monday, 07 November 2016 - 9:40

%E0%B6%B8%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+125%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
මිහින්ලංකා ගුවන් සමාගමේ සේවකයින් 125 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ කාණ්ඩ දෙකක් යටතේ මෙම බඳවා ගැනීම සිදුකරන බවයි.

මිහින්ලංකා ගුවන් සමාගමේ කටයුතු පසුගිය මස 30 වනදායින් පසු ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට පවරනු ලැබුවා.

ඒ වන විට මිහින් ලංකා සමාගමේ සේවක සේවිකාවන් 300ක් පමණ සේවය කළ අතර, ඔවුන්ගෙන් 67 දෙනෙකු ස්ථීර සේවකයන් වනවා.

අනෙකුත් සේවකයන් කොන්ත්‍රාත් පදනම යටතේයි බදවාගෙන තිබුණේ.