රේගුව මගින් අලුත් වාහන තක්සේරු කිරීමේ ක්රමවේදය හේතුවෙන් සුඛෝපභෝගී වාහන වර්ග කිහිපයක මිල ගණන් රුපියල් දෙලක්ෂවිසිදහසත්, හාර ලක්ෂයත් අතර ප්රමාණයකින් ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන් පවසනවා.
ටොයෝටා ප්රිමියෝ, ඇලියොන් සහ හොන්ඩා වෙසල් මෝටර් රථවල මිල ගණන් මෙලෙස ඉහළ යන බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ ප්රකාශ කළේ.
මෙම වාහන වර්ගවල නව මාදිලි නිෂ්පාදනය කර ඇත්තේ පැරණි මාදිලි අංකයෙන්.
එහෙත් එම වර්ගයේ සියලුම වාහන නව මාදිලියේ මිල ගණන් අනුව තක්සේරු කිරීම මෙලෙස මිල ඉහළ යාමට හේතුව බව වාහන ආනයනකරුවන් පෙන්වා දෙනවා.