ආසියානු කොටස් වෙළඳපොල යථා තත්ත්වයට

Thursday, 10 November 2016 - 8:04

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
ඇමරිකාවේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත්වීමත් සමඟ පහළ ගිය ආසියානු කොටස් වෙළඳපොළ මේ වනවිට යථා තත්ත්වයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්තිවලට ආසියානු කොටස් වෙළඳපොල ආයෝජකයන් කැමැත්ත පළකර ඇති බවයි.

එමෙන්ම ඊයේ දිනයේ අවප්‍රමාණ වූ ජපන යෙන්, මෙක්සිකෝ පෙසෝ මුදල් ඒකකවල වටිනාකමද යළි ඩොලරයට සාපේක්ෂව යථා තත්ත්වයට පත්ව තිබෙනවා.