ආසියානු කොටස් මිල ඉහළ යයි

Friday, 25 November 2016 - 13:27

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තුති පුද කිරීමේ නිවාඩු සමය හේතුවෙන් ඇමරිකාවේ ආර්ථික කටයුතු අත්හිටුවීමත් සමග ආසියානු කොටස් මිල ඉහළ යාමක් අද (25) දක්නට ලැබුණා.

වසර දහතුනහමාරකින් ඉහළම අගයකට පැමිණි ඩොලරයේ අගය සමනය වීමක් ද ඒ සමගම වාර්තා වූ බවයි වෙළදපොල විශ්ලේෂකයන් සදහන් කළේ.

මේ නිසා ලෝක වෙළදපොලේ තෙල් මිල ද ස්ථාවර වී තිබෙනවා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද දිනයේ දී ඩොලර් 48 යි ශත 57 ක් ලෙස සටහන් වූ අතර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 47යි ශත 59 ක් ලෙසයි.