එයාටෙල් වේගවත්ම 3G අන්තර්ජාල සැපයුම්කරු වෙයි

Sunday, 11 December 2016 - 14:37

%E0%B6%91%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+3G+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD+%E0%B7%83%E0%B7%90%E0%B6%B4%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ Huawei Technologies Lanka ආයතනය විසින් සිදුකළ සමීක්ෂණයකින් වේගවත්ම 3G අන්තර්ජාල සේවා සැපයුම්කරු ලෙස එයාර්ටෙල් ඉදිරියට පැමිණ ඇති බව එම සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

භාරතී එයාටෙල් ලංකා සමාගම 2009 වර්ෂයේ ජනවාරි 12 වන දින ශ්‍රී ලංකාවේ  සිය සේවා මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබුවා.

ශ්‍රී ලංකා  ආයෝජන මණ්ඩලය යටතේ ලියාපදිංචි එයාටෙල් ලංකා වේගයෙන්ම ව්‍යාප්ත වෙමින් මෙරටට අවශ්‍ය හඬ, දත්ත හා ව්‍යවසාය විසඳුම් ඇතුළත් වන ඩිජිටල් ජංගම සේවා සපයනු ලබනවා.

මේ පිළිබඳව අදහස් දැක්වූ එයාර්ටෙල් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජිනේෂ් හෙග්දේ මහතා.

‘අපි අපේ පාරිභෝගිකයන්ගේ අන්තර්ජාල අත්දැකීම වැඩිදියුණු කිරීමට පසුගිය වසරේ විශාල වැඩ කොටසක් සිදුකලා. මෙරට ජනතාවගේ ආදායම් මට්ටම හා ඔවුන් භාවිතාකරන ජංගම උපාංගයේ ස්වභාවය කුමන තත්වයේ තිබුනත් එය නොසලකා සියලු ශ්‍රී ලාංකිකයන්ට අන්තර්ජාලය වෙත ප්‍රවේශ වියහැකි  තාක්ෂණයක් හදුන්වාදීමට අපගේ අවධානය යොමු වී තිබෙනවා.’

අදාළ සමීක්ෂණ ප්‍රතිඵලය මෙතනින්