IMF ප්‍රධානියා වැරදිකාරියක් වෙයි

Tuesday, 20 December 2016 - 8:48

IMF+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඩ් ප්‍රංශ අධිකරණයක් මගින් ඊයේ වැරදිකාරියක් ලෙස නම් කළා.

ඒ, ඇය ප්‍රංශයේ මුදල් අමාත්‍යවරිය ලෙස සිටි සමයේ ව්‍යාපාරිකයෙකුට යුරෝ මිලියන 404ක අරමුදලක් පිරිනැමීම හේතුවෙන්.

කෙසේ නමුත් ඇය ඊයේ අධිකරණයේ පෙනී නොසිටි අතර, ප්‍රංශයේ සිට ඇමරිකාව බලා ගොස් තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටීන් ලගාඩ්  වැරදිකාරියක වුවද ඇයට දඬුවමක් පැනවීමට අදහස් නොකරන බවයි ප්‍රංශ අධිකරණය ප්‍රකාශ කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීට පෙර ප්‍රධානත්වය දැරූ ප්‍රංශ ජාතික ඩොමිනික් ස්ට්‍රවුස් ඛාන්ට සිය තනතුර අහිමි වූයේ ඇමරිකාවේදී හෝටල් සේවිකාවක් ඔහුට එරෙහිව ලිංගික අපචාර චෝදනා එල්ල කිරීම හේතුවෙන්.  

 


පීඩාවට පත් ව්‍යාපාර 20,000 කට රුපියල් බිලියන 53 ක්
Saturday, 04 July 2020 - 19:53

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 20,240 කට සෞභාග්‍යා කොවිඩි... Read More

රුපියල ශක්තිමත් වෙයි
Saturday, 04 July 2020 - 7:38

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් ඊයේ... Read More

මහබැංකුවෙන් තවත් දැනුවත් කිරීමක්
Friday, 03 July 2020 - 20:00

මෑතකදී හඳුන්වා දුන් විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමේදී... Read More