කොටස් වෙළඳපොළ පහළට

Tuesday, 03 January 2017 - 9:20

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
වසරේ පළමු ගනුදෙනු දිනය වූ ඊයේ කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක පහත වැටීමක් පෙන්නුම් කළා.

රුපියල අවප්‍රමාණ වීම සහ පොලී අනුපාතික ඉහළ යාම හේතුවෙන් ප්‍රධාන පෙළේ සමාගම් කොටස් ආයෝජකයන් විසින් අලෙවි කිරීම ඊට හේතුවයි.

කොටස් වෙළදපොළේ සමස්ත මිල දර්ශකය ඊයේ දිනය අවසන දී 6192.87ක් ලෙස සටහන් වුණා.

2016 වසර තුළ කොටස් වෙළදපොළ මිල දර්ශක සියයට 9.7කින් පහත වැටී තිබුණේ අඛණ්ඩ දෙවන වසරේ අපගමනය සලකුණු කරමින්.

කොටස් වෙළදපොළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 329.2කට සීමා වුණා.