වැටලීමක් අතරතුර පිටකොටුවෙන් සොයාගත් දේ

Wednesday, 04 January 2017 - 8:12

%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A
මිනිස් පාරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් පිටකොටුව ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී පාරිභෝගික කටයුතු අධිකාරිය ඊයේ සොයාගෙන තිබෙනවා.

4 වන හරස් වීදිය, 5 වන හරස් වීදිය සහ පරණ යෝක් වීදිය ප්‍රදේශවල සිදුකරන ලද වැටලීමේදීයි පාරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 22,750ක් එම අධිකාරියේ නිලධාරීන් භාරයට ගෙන ඇත්තේ.

පසුගිය දිනවල මාධ්‍ය මගින් මේ පිළිබදව දිගින් දිගට අනාවරණයන් සිදුකළ අතර,ඒ අනුව මෙම වැටලීම් සිදුකර තිබෙනවා.

මෙම සහල් තොගයට දැනටමත් සීල් තබා ඇති බවයි පාරිභෝගික අධිකාරිය සදහන් කළේ.

එමෙන්ම මෙම සහල් විදේශ රටවලින් ආනයනය කරන ලද ඒවා බවට ව්‍යාපාරිකයන් සිදුකළ ප්‍රකාශයන් හි සත්‍යතාව සොයා බැලීමට ද කටයුතු කරන බවයි ඔවුන් තවදුරටත් කියා සිටියේ.  



රුපියල ශක්තිමත් වෙයි
Tuesday, 07 July 2020 - 8:41

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් ඊයේ... Read More

රන් මිල තවදුරටත් ඉහළට
Sunday, 05 July 2020 - 8:19

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා පවතින ආර්ථික අස්ථාවර... Read More

පීඩාවට පත් ව්‍යාපාර 20,000 කට රුපියල් බිලියන 53 ක්
Saturday, 04 July 2020 - 19:53

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 20,240 කට සෞභාග්‍යා කොවිඩි... Read More