දීපිකා පදුකෝන් ගේ අත්සන සහිත OPPO දුරකථනයක් දිනාගැනීමට අවස්ථාවක්

Wednesday, 30 August 2017 - 14:57

%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+OPPO+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාවේ රසිකයන්ට සිය සන්නාම තානාපතිනිය වන සුප්‍රකට බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් ගේ අත්සන සහිත OPPO දුරකථන දිනාගැනීමේ අවස්ථාව හිමිකරදීම සඳහා විශේෂ තරගයක් දියත් කරන බව OPPO Sri Lanka  සමාගම පසුගියදා නිවේදනය කළා.

තමන්ගේ ජීවිතයේ සුවිශේෂී හෝ විනෝදමත් අවස්ථාවක තම නෑදෑ හිතමිතුරන් සමග ගන්නා \'Group Selfie\' ඡායාරූපයක් #BestGroupSelfie #OPPO හෑෂ්ටැග් සමග OPPO ෆෙස්බුක් පිටුවේ හෝ Instagram පිටුවේ share කිරීම මගින්  ඕනෑම කෙනෙකුට දීපිකා පදුකෝන් ගේ අත්සන සහිත OPPO F3 Plus දුරකථනයක් දිනාගැනීම සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවනවා.

හින්දි සිනමා රසික රසිකාවියන් අතර විශාල ජනප්‍රියත්වයක් දිනා සිටින දීපිකා පදුකෝන් 2017 වසරේ සිට OPPO සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරනවා.  

\"OPPO F3 Plus Group Selfie සම්ප්‍රදාය ජනප්‍රිය කරවීමට දීපිකා විශාල දායකත්වයක් ලබාදුන්නා.

මෙම තරගයේදී ජයග්‍රාහකයන් වෙත දීපිකාගේ අත්සනින් යුතු OPPO F3 Plus දුරකථන ලබාදීමට අප තීරණය කළේ ඒ නිසයි.” OPPO Sri Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටොම් සූ සඳහන් කළා.
 
මේ වනවිට ලොව වැඩිම ගෙවීම් ලබන රංගන ශිල්පිනියක වන දීපිකා පදුකෝන් බොලිවුඩ් තිරය ජයගෙන\'xXx: Return of Xander Cage\' චිත්‍රපටය සමගින් හොලිවුඩ් සිනමාවටද පිවිසී සිටී.

එම චිත්‍රපටයේ වින් ඩීසල්ද සමග රඟන ඇයගේ රංගනය ලොව පුරා බෙහෙවින් ජනප්‍රිය විය.

Woman of the Year සහ The Most Desirable Woman of 2016 වැනි ඇගයීම්වලින් පිදුම් ලැබූ ඇය රඟපෑ Bajirao Mastani චිත්‍රපටය අතිශයින් සාර්ථක වූ අතර මේ වනවිට ඇය සංජේ ලීලා බන්සාලිගේ ‘පද්මාවතී’ චිත්‍රපටයට රංගනයෙන් දායක වී සිටිනවා.

දීපිකා පදුකෝන්ගේ අත්සන තිබෙන OPPO F3 Plus දුරකථනයක් දිනාගන්නට අකමැති කවුද?” OPPO Sri Lanka සන්නාම කළමනාකරු තරංග වීරසිංහ සඳහන් කළා.

කාලයේ තාලයට වෙනස් වෙමින් දිනෙන් දින දියුණුව කරා යන ස්මාර්ට් දුරකථන සන්නාමයක් වන OPPO නිර්මාණශීලී තාක්ෂණය, අලංකාර නිමාව සහ විශිෂ්ට තලයේ කැමරා යනාදිය සහිත ස්මාර්ට් දුරකථන නිරන්තරයෙන් සිය පාරිභෝගිකයන් වෙත තිළිණ කරයි.

ජංගම දුරකථනවල එන ඡායාරූප තාක්ෂණය සම්බන්ධ පෙරළිකාරී සොයාගැනීම් සිදුකරමින් කැමරා දුරකථන නිෂ්පාදනය කිරීම සඳහා පසුගිය වසර 10 ක කාලය තිස්සේ OPPO සමාගමේ අවධානය යොමු වුණා.

16MP ඉදිරිපස කැමරා සහිත දුරකථන හඳුන්වා දෙමින් සෙල්ෆි යුගය ආරම්භ කරන ලද්දේද OPPO විසින්.

එමෙන්ම යාන්ත්‍රික භ‍්‍රමණ කැමරාව Ultra HD විශේෂාංග සහ 5x Dual Camera Zoom  තාක්ෂණය යනාදිය ප්‍රථම වරට හඳුන්වාදුන් සන්නාමය වන්නේද OPPO ය.

තරුණ පරපුර සහ එහි හැසිරීම් රටාවන් සම්බන්ධ පුළුල් අවබෝධය සමගින් සෙල්ෆි කෙරෙහි වැඩි අවධානයක් සහිත Selfie Expert F ත්‍ දුරකථන මාලාව දකුණු ආසියාවට සහ අනෙකුත් වෙළඳපොළවලට හඳුන්වා දීමට OPPO 2015 වසරේදී කටයුතු කළා.

එහි ප්‍රථම දුරකථන පෙළට විශාල ප්‍රතිචාරයක් ලැබුණු අතර එය දුරකථන ක්ෂේත්‍රයේ පුරෝගාමී සම්ප්‍රදායක් බිහිකිරීමට සමත් වුණා.

2016 වසරේදී IDC විසින් OPPO ලොව අංක 4 ස්මාර්ට් දුරකථන සන්නාමය ලෙස ශ්‍රේණිගත කළා.

මේ වනවිට OPPO ලොව පුරා තරුණ තරුණියන් මිලියන 10 කගේ පමණ ආදරය හා ආකර්ෂණය දිනාගත් කැමරා දුරකථන සන්නාමයක් බවට පත්වී තිබෙනවා.