නව දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත අද විවාදයට

Thursday, 07 September 2017 - 8:06

%E0%B6%B1%E0%B7%80+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7
නව දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාද කර අද සම්මත කරගැනීමට නියමිතයි.

බදු ක්‍රමය සරල කර, ආයෝජකයන්ට විනිවිදභාවයෙන් යුතුව බදු සහන ලබාදීම නව දේශීය ආදායම් බදු පනත් කෙටුම්පතේ අරමුණයි.

පසුගිය ජුලි මාසයේ මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර, ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කිහිපයක්ද පවරා තිබුණා.

අදාළ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා දැනුම්දී තිබුණා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වී තිබුණේ අදාළ වගන්ති සංශෝධනය නොකරන්නේ නම් පනත් කෙටුම්පත සඳහා ජනමත විචාරණයකින් ජනතා කැමැත්ත ලබාගත යුතු බවයි.  

කෙසේ වෙතත් වෘත්තිය සමිති සහ අනෙකුත් පාර්ශවයන් සමග සාකච්ඡා සිදුකිරීමෙන් අනතුරුව ඇතිවූ එකඟතාවන් මත සංශෝධන කිහිපයක් අද ඉදිරිපත් කෙරෙන නව දේශීය ආදායම් පනත් කෙටුම්පතට ඇතුළත්.