දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වට්ටක්කා වලින් පිරේ

Saturday, 09 February 2019 - 19:05

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%9A
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට තවමත් දිනකට වට්ටක්කා කිලෝග්‍රෑම් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ලැබෙන බව වාර්තා වනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩා බොහෝමයක් වට්ටක්කා වලින් පිරී ගොස් ඇති බවයි.

වට්ටක්කා කිලෝග්‍රෑමයක් රුපියල් 5 කට හෝ අලෙවි කර ගත නොහැකි බවයි ඇතැම් ගොවීන් පවසන්නේ.

මිලදී ගැනීමේ වැඩපිළිවෙල සාර්ථක නොවන බැවින් නිසි වැඩපිළිවෙලක් ඒ සඳහා සකස් කරන ලෙස වට්ටක්කා ගොවීන් රජයෙන් ඉල්ලා සිටිනවා.