මැයි 1 වනදා සිට බඩඉරිඟු වගාව ආරම්භ කිරීමේ තීරණයක්

Monday, 11 February 2019 - 7:23

%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+1+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7++%E0%B6%B6%E0%B6%A9%E0%B6%89%E0%B6%BB%E0%B7%92%E0%B6%9F%E0%B7%94+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F%E0%B7%80+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මෙවර යල කන්නයේදී එනම් මැයි මස පළමුවැනිදා සිට සති දෙකක් තුළ බඩ ඉරිඟු වගා කර අවසන් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

සේනා දළඹු උවදුර පැතිරීම පාලනය කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ඊයේ පැවති ප්‍රගති සමාලෝචන කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය කේ.බී. ගුණරත්න ප්‍රකාශ කළේ.   

එහිදී තවදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය කේ.බී. ගුණරත්න කියා සිටියේ බඩඉරිඟු වගා කිරීමේදී පේළි අතර අඩි 4 ක පරතරයක් තබාගත යුතු බවට නිර්දේශ කිරීමට කටයුතු කරන බවයි.