එළවළු මිල තවත් පහළට

Monday, 11 February 2019 - 12:38

%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඉදිරි මාස දෙක ඇතුළත තවදුරටත් එළවළු මිල ගණන් පහළ බසින බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනය පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මහකන්නයේ අස්වනු යාපනය, පුත්තලම සහ ඇතුළු ප්‍රදේශ රැසකින් ලැබීමත් සමඟ මෙලෙස එළවළු මිල දැනටමත් පහත බැස ඇති බවයි.

ගෝවා කිලෝවක තොග මිල රුපියල් 10 වන අතර බීට්රූට් කිලෝවක තොග මිල සටහන් වන්නේ රුපියල් 12ක් ලෙසයි.

තක්කාලි කිලෝවක තොග මිල රුපියල් 35 ක් වනවා.

අනෙකුත් එළවළුවල තොග මිල මේ වනවිට රුපියල් 30 ට වඩා අඩු මට්ටමක පවතින බවයි ඔහු කියා සිටියේ.