සංචාරකයන්ගේ පැමිණීම ඉහළට

Tuesday, 12 February 2019 - 13:52

%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මේ වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව සියයට 2.2කින් වර්ධනය වී තිබෙනවා.

ජනවාරි මාසයේදී සංචාරකයන් දෙලක්ෂ 44,239ක් දිවයිනට පැමිණි බවයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කළේ.

ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, චීනයෙන් සහ එක්සත් රාජධානියෙන් ඊළඟට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ තිබෙනවා.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් මිලියන 2.38ක් පැමිණි අතර, එය 2017 වසරට සාපේක්ෂව සියයට 10.3ක වර්ධනයක් ලෙස සැලකිය හැකියි.