කරච්චියට ශ්‍රී ලංකාවේ සිට යළි ගුවන් ගමන්

Saturday, 01 June 2019 - 12:41

%E0%B6%9A%E0%B6%BB%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A
ශ්‍රී ලන්කන් ජාතික ගුවන් සේවය පාකිස්තානයේ කරච්චි නුවර වෙත වාණිජ ගුවන් ගමන් අද යළි ආරම්භ කරනවා.

ඒ අනුව අද (01) පස්වරුවේ සිට සතියකට දින 5ක් කොළඹ සහ කරච්චි අතර ගුවන් ගමන් ක්‍රියාත්මක වනු ඇති.

පසුගිය පෙබරවාරි 27 වන දා පාකිස්තාන ගුවන් සේවා අධිකාරිය මගින් එරට ගුවන් තලය තාවකාලිකව වසා දැමීමෙන් පසු ජාත්‍යන්තර ගුවන් ගමන් රැසක්ම අත්හිටුවනු ලැබුවා.

පාකිස්තාන ගුවන් තලයේ සීමාවන් කිහිපයක් තවදුරටත් ක්‍රියාත්මක වන අතර ඒවා ලිහිල් වූ පසු ලාහෝර් වෙත ද යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සූදානම්.

මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාර සඳහා පනවා තිබූ අවදානම් නියෝගය ඉවත් කිරීමට ඉතාලිය ඊයේ පියවර ගත්තා.

ඊට පෙර චීනය, ඉන්දියාව, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය ද ශ්‍රී ලංකාවේ සංචාර සඳහා පනවා තිබූ අවදානම් නියෝග ලිහිල් කිරීමට පියවර ගත්තා.