චීන ඉන්ධන සමාගමක් හම්බන්තොට

Tuesday, 16 July 2019 - 19:42

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7
චීනයේ ඛනිජ තෙල් සහ රසායනික සංස්ථාව හෙවත් සිනොපෙක් ආයතනය මෙරට ඉන්ධන සමාගමක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ අදාළ සමාගම ෆුවල් ඔයිල් ශ්‍රී ලංකා ලිමිටඞ් ලෙස හම්බන්තොට ප්‍රදේශයේ ලියාපදිංචි කර ඇති බවයි.

හම්බන්තොට ස්ථෘපිත කිරිමට නියමිත අදාළ සමාගමේ අරමුණ වී ඇත්තේ නැව් සහ විදුලි බලාගාර සඳහා භාවිත කරන ඉන්ධන සැපයීමයි.

ගෝලීය තෙල් ප්‍රවාහන කටයුතුවලින් තුනෙන් දෙකක් පමණ, සූවස් ඇළ සහ මලක්කා සමුද්‍ර සන්ධිය අතර ප්‍රධාන නාවික මාර්ගයක ඇති හම්බන්තොට වරාය පිහිටා ඇති මෙම මාර්ගය හරහා සිදුවනවා.

ඒ අනුව අදාළ චීන සමාගමේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ උපාය මාර්ගික වැදගත් කමක් සහිත හම්බන්තොට සිට නැව් සඳහා ඉන්ධන සැපයීමට විශාල අවස්ථාවක් පවතින බවයි.

හම්බන්තොට වරායට අමතරව සිංගප්පූරුව, ඇම්ස්ටර්ඩෑම් ඇතුලු ලොව පුරා වරාය 50 ක ඉන්ධන සැපයුම් ජාලයක් ස්ථාපිත කිරීමට සිනොපෙක් සමාගම බලාපොරොත්තුවන බව එම වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන්.


රන් මිල තවදුරටත් ඉහළට
Sunday, 05 July 2020 - 8:19

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් ලොව පුරා පවතින ආර්ථික අස්ථාවර... Read More

පීඩාවට පත් ව්‍යාපාර 20,000 කට රුපියල් බිලියන 53 ක්
Saturday, 04 July 2020 - 19:53

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 20,240 කට සෞභාග්‍යා කොවිඩි... Read More

රුපියල ශක්තිමත් වෙයි
Saturday, 04 July 2020 - 7:38

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් ඊයේ... Read More