දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධනය ශ්‍රී ලංකාවේ

Tuesday, 15 October 2019 - 12:48

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%B8+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
මේ වසර සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 2.7 කට සීමාවනු ඇති බව ලෝක බැංකුව පවසනවා.

එය දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධන වේගයයි.

බංග්ලාදේශය මේ වසරේදී සියයට 8.1 ක ඉහළම ආර්ථික වර්ධන වේගයක් අත්කරගනු ඇති අතර, ඉන්දියාවේ ආර්ථිකයද සියයට 6 කින් පමණ වර්ධනය වනු ඇති බවයි ලෝක බැංකුව සිය නවතම පුරෝකථනය මගින් සඳහන් කළේ.

පාකිස්ථානයේ ආර්ථික වර්ධනයද සියයට 3.3 ඉක්මවනු ඇතැයි අපේක්ෂිතයි.

දකුණු ආසියාතික රටවල් අතුරෙන් මාලදිවයින, නේපාලය සහ භූතානයද ශ්‍රී ලංකාවට වඩා ආර්ථික වර්ධනයක් අත්කරගනු ඇති අතර, ශ්‍රී ලංකාවට සමාන අඩු ආර්ථික වර්ධනයක් අපේක්ෂා කෙරෙන්නේ ඇෆ්ගනිස්ථානයෙන් පමණයි.

කෙසේ නමුත් ලෝක බැංකුව සඳහන් කරන පරිදි ඉදිරි වසර දෙක තුළදී මෙරට ආර්ථික වර්ධනය සියයට 3 ඉක්මවනු ඇති.