බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යයිද?

Monday, 18 November 2019 - 14:01

%E0%B6%B6%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92%E0%B6%AF%3F
පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරයකින් තොරව තිරිඟු පිටි සමාගම්වලට මිල ඉහළ දැමීමේ හැකියාවක් නොමැති බව එහි අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එම්.ෆවුසර් ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ සෙරන්ඩිබ් සහ ප්‍රීමා සමාගම් තිරිඟු පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්.

මෙම සමාගම් විසින් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8 කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව පාන් ඇතුලු බේකරි නිෂ්පාදනවල මිල ඉහල දැමීම සම්බන්ධයෙන් ඉදිරියේදි තීරණයක් ගන්නා බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන කියා සිටියේ.