රුපියලත් ශක්තිමත් වෙයි

Tuesday, 19 November 2019 - 7:39

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නව ජනපති ගෝඨාභය රාජපක්ෂගේ පත්වීමත් සමඟ රුපියලේ අගය ශක්තිමත්වීමක් ද දක්නට ලැබෙනවා.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල ඊයේ සටහන් වූයේ රුපියල් 181යි ශත 67ක් ලෙසයි.

පසුගිය ජනාධිපතිවරණයට පෙර පසුගිය සිකුරාදා ඩොලරයක විකුණුම් මිල රුපියල් 182යි ශත 11ක් ලෙස සටහන් වුණා. රුපියලේ අගය ඊයේ වාර්තා කළේ පසුගිය අගෝස්තු 30 වන දායින් පසු ඉහළම අගයයි.

ඒ අනුව මේ වසරේදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 1.8ක වර්ධනයක් පෙන්නුම් කරනවා.

නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසු පැවති පළමු ගනුදෙනු දිනය වූ ඊයේ කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ද සියයට 1.8කින් ඉහළ ගොස් සමස්ත දර්ශකය 6129.56ක් ලෙස වසරේ ඉහළම අගය වාර්තා කළා.