එළවළු මිල ඉදිරි සතියේදී සාමාන්‍ය අතට

Tuesday, 19 November 2019 - 12:57

%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7
පසුගිය සති අන්තයේ දිවයිනේ ප්‍රදේශ රැසක පැවති එළවළු හිඟය අද දිනයෙන් පසු සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇති බව පිටකොටුව මැනිං වෙළද සංගමය පවසනවා.

එහි ජාතික සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ජනාධිපතිවරණය සඳහා වෙළඳසැල් රැසක් වසා තැබීම සහ එහි සේවකයින් ගම්බිම් බලා යාම හේතුවෙන් මෙලෙස දෛනික කටයුතු අඩාල වූ බවයි.

ඊට අමතරව අයහපත් කාලගුණය හේතුවෙන් එළවළු විනාශ වීම නිසා මිල ගණන් ඉහළ යාම ද එළවළු හිඟයට යම් බලපෑමක් එල්ල වී ඇති බවයි පිටකොටුව මැනිං වෙළද සංගමය සඳහන් කළේ.

පසුගිය දිනවල කැරට්, ලීක්ස් සහ ගෝවා ඇතුළු තවත් බොහොමයක් එළවළු කිලෝවක මිල රුපියල් 200ත්, 300ත් අතර මිලක පැවතුණා.