උත්සව සමයේ ලොකු ළුෑණු හිඟයක්

Monday, 25 November 2019 - 12:55

%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94+%E0%B7%85%E0%B7%94%E0%B7%91%E0%B6%AB%E0%B7%94+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දැනට පවතින ලොකු ළුෑණු තොග දෙසැම්බර් මාසයේ උත්සව සමය දක්වා හෝ ප්‍රමාණවත් නොවන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

මෙරට පරිභෝජනය සඳහා අවශ්‍ය ලොකු ළුෑණු වැඩි ප්‍රමාණයක් ආනයනය කරනු ලැබුවේ ඉන්දියාවෙන් වන අතර, වර්ෂාවත් සමඟ එරට ළුෑණු අස්වැන්න විනාශවීම නිසා අපනයනය තහනම් කිරීමට එරට රජය තීරණය කරනු ලැබුවා.

මෙම තත්ත්වය හමුවේ චීනය, ඊජිප්තුව, නෙදර්ලන්තය, තුර්කිය සහ පාකිස්ථානය යන රටවලින් ළුෑණු ආනයනය කිරීමට මෙරට ආනයනකරුවන් පියවර ගත් අතර, මේ වනවිට එම රටවලින් ගෙන්වූ ළුෑණු තොගද අවසන් වෙමින් පවතින බවයි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු සඳහන් කළේ.

වෙළඳපොල තුළ දැනට බහුලව අලෙවියට ඇති ඊජිප්තු ළුෑණු කිලෝවක් රුපියල් 110 ක තොග මිලටත්, නෙදර්ලන්ත ළුෑණු කිලෝවක් රුපියල් 150 කටත් අලෙවි කෙරෙන බව සඳහන්.