හම්බන්තොට වරායේ වාහන ප්‍රතිඅපනයන කටයුතු ඉහළ යයි

Saturday, 07 December 2019 - 7:26

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හම්බන්තොට වරායේ වාහන ප්‍රතිඅපනයන කටයුතු වර්ධනයක් වාර්තා වනවා.

චීනයේ සී.එම්. පෝට්ස් සමඟ ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වන එහි ගත වූ සතියේදී මෝටර් රථ ප්‍රවාහන නෞකා 6ක් ළඟා වූ අතර, තවත් නෞකා 4ක් වාහන ගොඩබෑමේ නිරත වී තිබෙනවා.

ලොව ප්‍රකට නෞකා භාණ්ඩ ප්‍රවාහන සමාගම් හම්බන්තොට වරාය සමඟ දිගුකාලීන ගිවිසුම්වලට එළඹීම ද විශේෂත්වයක්.

නොවැම්බර් මාසය වන විට හම්බන්තොට වරාය මගින් හසුරුවා ඇති භාණ්ඩ ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් මිලියනයකට අධිකයි.

පසුගිය වසරේදී එමගින් හසුරුවනු ලැබූයේ මෙට්ට්‍රික් ටොන් හාරලක්ෂ 94,000ක භාණ්ඩ තොගයක්.