මැදපෙරදිග උණුසුම හමුවේ කොටස් වෙළඳපොලත් පහළට

Wednesday, 08 January 2020 - 15:45

%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මැදපෙරදිග නොසන්සුන් තත්ත්වයත් සමඟ කොළඹ කොටස් වෙළඳපොල ගණුදෙනු පහත වැටී තිබෙනවා. සියලු කොටස් මිල දර්ශකය සියයට 2.11 කින් පහළ ගොස්, දිනය අවසානයේ සටහන් වුණේ 5898.84 ක් ලෙසයි.

එය ඒකක 127.25 ක අඩුවීමක්. එසේම එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ඒකක 58.58 කින් පහත වැටුණු අතර, එය සටහන් වුණේ 2799.41 ක් ලෙසයි. දිනය තුළ කොටස් මිලියන 50.4 ක් හුවමාරු වී තිබූ අතර, දෛනික පිරිවැටුම සටහන් වුණේ මිලියන 624.4 ක් ලෙසයි.

මේ අතර ඉරාකයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු කිහිපයකට එල්ල කළ ප්‍රහාරය ඇමරිකාවට එල්ල කළ කම්මුල් පහරක් බව ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කුමේනි ප්‍රකාශ කළා.

ජාතිය අමතමින් ඔහු අවධාරණය කළේ ඇමරිකානු හමුදා භට කණ්ඩායම් වහාම කලාපයෙන් ඉවත් විය යුතු බවයි.

මේ අතර ඇමරිකානු ඉලක්ක වෙත එල්ල කළ ප්‍රහාරවලින් ඇමරිකානු සෙබළුන් 80 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිණිය නිවේදනය කර තිබෙනවා.