කැරට්, ලීක්ස් හැර, අනෙකුත් එළවළුවල මිල පහළට

Tuesday, 14 January 2020 - 7:41

%E0%B6%9A%E0%B7%90%E0%B6%BB%E0%B6%A7%E0%B7%8A%2C+%E0%B6%BD%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%2C+%E0%B6%85%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කැරට්, ලීක්ස් හැර අනෙකුත් සෙසු එළවළුවල මිල පහළ යමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයන් පවසනවා.

රුපියල් 200 ඉක්මවා අලෙවි වූ වම්බටු, බීට්රූට්, ගෝවා ඇතුළු තවත් එළවළු වර්ග කිහිපයක කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 120 දක්වා පහත වැටී ඇති බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම, රුපියල් 500 ඉක්මවා අලෙවි වූ අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 250 දක්වාත්, රුපියල් 100ක මිලකට අලෙවි වූ වට්ටක්කා කිලෝවක තොග මිල රුපියල් 50 දක්වා අඩු වී ඇති බවයි ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයන් සඳහන් කළේ.

කෙසේ වෙතත්, කැරට් සහ ලීක්ස් කිලෝවක තොග මිල රුපියල් 350 ඉක්මවා ගොස් තිබෙනවා. තවමත් එළවළු තොග නිසි පරිදි ආර්ථික මධ්‍යස්ථාන වෙත නොලැබෙන බවටයි වාර්තා වන්නේ.