කොටස් වෙළඳපොළටත් නිවාඩු

Tuesday, 17 March 2020 - 13:48

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%A9%E0%B7%94
රජය විසින් අද සිට දින 3ක් නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර ඇති නිසා අද දිනයේ කොළඹ කොටස් වෙළදපොළේ ගනුදෙනු සිදුනොකරන බව එමගින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

කොවිඞ් නයින්ටීන් වෛරසය පැතිරීම අවම කිරීමේ පියවරක් ලෙස මෙලෙස කොටස් වෙළඳපොළ විසින් අද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අතර, ඇමරිකානු වෝල් ස්ට්‍රීට් කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ දිනයේ වාර්තා කළේ දශක තුනකින් අවම අගයන්.

කොරෝනා වෛරසය හේතුවෙන් ඇමරිකානු ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම පිළිබිඹු කරමින් එහි ඩව් ජෝන්ස් කාර්මික මිල දර්ශකය ඒකක 3000කින් එනම් සියයට 13කින් පමණ පහත වැටුණා.