අන්තර්ජාලයේ අවහිරතා අවම කිරීම සඳහා ONLINE STREAMING මාධ්‍ය VIDEO QUALITY පහළ නංවයි

Wednesday, 08 April 2020 - 18:53

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B6%B8+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+ONLINE+STREAMING+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+VIDEO+QUALITY+%E0%B6%B4%E0%B7%84%E0%B7%85+%E0%B6%B1%E0%B6%82%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ONLINE භාවිතයේදී පවතින අවහිරතා ඉහළයාම හේතුවෙන් අන්තර්ජාලයේ වේගය අඩුවිය හැක.

ONLINE භාවිතයේදී පවතින අවහිරතා මගහරවාගැනීම සඳහා STREAMING මාධ්‍ය තම VIDEO QUALITY සහ DOWNLOAD SPEED අඩුකිරීමට පියවරගනී.
 
කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරීමත් සමඟ ඉන් ආරක්ෂාවීමේ පියවරක් වශයෙන් සැමට නිවසේ රැඳී සිටීමට සිදුව තිබෙන තත්ත්වයක් වර්තමානයේ උදාවී තිබේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස Online භාවිතයද සීඝ්‍රයෙන් ඉහළයමින් පවතී.

මේ වන විට Online භාවිතයේදී බොහෝ අවහිරතාද මතුවන්නට පටන්ගෙන තිබේ.

මේ තත්ත්වය පාලනය කිරීම සඳහා Netflix සහ YouTube වැනි Streaming මාධ්‍ය යුරෝපය තුළ අඩු කිරීමට පියවරගෙන ඇති අතර, ඉතා ඉක්මණින් ඔවුන් මෙය ලොව පුරාද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි.

ස්වයං නිරෝධායනය ලොවපුරා විසිරී සිටින පුද්ගලයන් නිවසේ රැඳී සිටිමින් රැකියා ස්ථානයේ කාර්යභාර්ය ඉටුකිරීමටත්, ඉගෙනුම් කටයුතුවල නිරත්වීමටත්, සන්නිවේදනයේ යෙදෙමින් නිරතුරුවම සම්බන්ධවී විනෝදාස්වාදය ලැබීමටත් පොළඹවා ඇති පසුබිමක් තුළ තුළ Netflix සහ YouTube වැනි Streaming මාධ්‍ය වල භාවිතය පෙර නොවූ විරූ පරිදි නව මානයකට යොමුව තිබේ.

ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් streaming සමාගම්වලට bandwidth වැඩි වැඩි වශයෙන් රඳවා නොගනිමින් ඔවුන්ගේ video files වල ප්‍රමාණය අඩුකිරීමට බලකර තිබෙන අතර, මේ හේතුවෙන් ලොවපුරා තම video quality ‘high’ සිට ‘standard’ දක්වා අඩුකිරීමට YouTube සමාගමට ද සිදුව තිබේ.

පෙර නොවූ විරූ පරිදි අන්තර්ජාල භාවිතය සඳහා පවතින අසීමිත පාරිභෝගික ඉල්ලුම සහ ඉහළ යන අන්තර්ජාල අවහිරතා හේතුවෙන් ඉදිරි දිනවලදී
නියාමකයන් විසින් අන්තර්ජාල අවහිරතා අධීක්ෂණයට ලක් කර, අන්තර්ජාල සේවා සම්පාදකයන්ට තම සේවාවේ ප්‍රමිතිය පහළ නොයන අයුරින් පවතින අධික ඉල්ලුම දරාගැනීමට හැකිවන පියවර අනුගමනය කිරීමට නියමිතව තිබේ.


කොළඹ කොටස් වෙළඳපොළ පහතට
Friday, 05 June 2020 - 8:16

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ දිනයේදී සුළු වශයෙන් පහත... Read More

කොටස් වෙළඳපොල අද පැය දෙකක්
Thursday, 04 June 2020 - 8:47

දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබීම සහ රජයේ... Read More

හෙට දිනයේ සීමිත කාලයකට කොළඹ කොටස් වෙළඳපොල විවෘත වෙයි
Wednesday, 03 June 2020 - 22:18

හෙට දිනයේදී කොළඹ කොටස් වෙළඳපොල කටයුතු සීමිත කාල පරිච්ඡේදයක්... Read More