MyDoctor වෙතින් 1390 ක්ෂණික ඇමතුම් අංකය හරහා සියලුම ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ වෛද්‍ය උපදෙස්

Thursday, 09 April 2020 - 13:01

MyDoctor+%E0%B7%80%E0%B7%99%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+1390+%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B7%92%E0%B6%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%82%E0%B6%9A%E0%B6%BA+%E0%B7%84%E0%B6%BB%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94%E0%B6%B8+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
සියලුම ශ්‍රී ලාංකිකයන්ට MyDoctor වෙතින් 1390 ක්ෂණික ඇමතුම් අංකය හරහානොමිලේ වෛද්‍ය උපදෙස්ලබාගැනීමේ අවස්ථාව දැන් හිමිව තිබේ.

සුදුසුකම්ලත් වෛද්‍යවරුන් (ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි) විසින් මෙම උපදෙස් ලබාදෙන අතර ඕනෑම පුරවැසියෙකුට කොරෝනා වෛරසය හෝ තමන්ට ඇති රෝග ලක්ෂණ පිළිබඳව සැකයක් ඇත්නම්, 1390 ක්ෂණික අංකය අමතා වෛද්‍යවරයෙකු හා සම්බන්ධ වී තමන්ට ඇති සැකය දුරුකරගැනීමේ හැකියාව පවතී.

පුද්ගලයාට ඇති අවදානමේ ස්වරූපය මත පදනම්ව වෛද්‍යවරු ඔවුන් සමඟ සම්බන්ධවන අතර, මෙහිදී වැඩි අවදානමක් සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් නිසි පියවරගැනීම සඳහා අදාළ වෛද්‍යවරයා විසින් නියමිත දිස්ත්‍රික් රෝහලේ වසංගත රෝග අංශය දැනුවත් කරනු ලබයි.

මහජනතාවට රෝහලක් හෝ වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත නොයා 1390 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් "සුවසැරිය" සේවාව හරහා තම නිවසටම ගිලන් රථයක් ගෙන්වාගත හැකිවීම මෙම සේවාවේ විශේෂත්වයකි.ඩයලොග්, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ Wavenet සමාගම එක්ව ක්‍රියාවට නංවා ඇති මෙම ජාතික මට්ටමේ සේවාවඕනෑම ජාලයක් ඔස්සේ ලබාගනීමේ හැකියාව ඇත.

සෞඛ්‍යසේවාඅධ්‍යක්ෂජනරාල්වෛද්‍යඅනිල්ජාසිංහප්‍රකාශකළපරිදියම්පුද්ගලයෙකුටඋණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හෝ උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ ඇත්නම් රෝහලකට යාමට ප්‍රථමයෙන් 1390 අමතා රෝග ලක්ෂණ පරීක්ෂා කරවා ගැනීමෙන් පසු රෝගියා රෝහල්ගත විය යුතුද, කුමන රෝහලට ඇතුළත්විය යුතුද, රෝහල්ගත වියයුත්තේ කෙසේද, යනාදී සියලු තොරතුරු මෙමගින් ලබාගතහැකියි. තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, රෝගලක්ෂණ පෙන්නුම්කරන පුද්ගලයින් එකවරම රෝහල්වෙත ඇතුළත්වීමෙන් එමරෝගය අනෙක් අයට බෝවීමේ අවදානම අවම කිරීමටද මෙය පිටිවහලක් වනබවයි.

වර්තමානයේ පවතින තත්ත්වය හමුවේ MyDoctor මොබයිල් ඇප් එක හරහාවීඩියෝ තාක්ෂණය ඔස්සේ නොමිලේ වෛද්‍ය උපදෙස්සැලසීමට MyDoctor සේවාව පියවර ගෙන තිබේ. MyDoctor මොබයිල් ඇප් එක සඳහා වීඩියෝ ඇමතුම් කිසිඳු ඩේටාගාස්තුවකින් තොරව ලබාදීමටද ඩයලොග් ආයතනය දැනටමත් කටයුතු කරමින් සිටියි. පවතිනතත්ත්වය හමුවේ රෝගීන් පරීක්ෂාකිරීම සඳහා වඩාත් කාර්යක්ෂම ක්‍රමය මෙයවන අතර, රෝගීන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් නිසිතක්සේරුවක් කිරීම සඳහා එය වෛද්‍යවරුන්ටද පහසුවකි.

මේ දිනවලතම නිවසට ඖෂධ ගෙන්වාගැනීමට නොහැකිවීමෙන් බොහෝ දෙනෙකු අපහසුතාවයට පත්ව තිබේ.

MyDoctor මොබයිල් ඇප් එක හරහාබස්නාහිර පළාතේ කොළඹ,කළුතර,ගම්පහ සහ මීගමුව ආවරණය වන පරිදි විශේෂ ඖෂධබෙදාහැරීමේ සේවාවක් ක්‍රියාවට නංවා ඇත.කිසියම් කෙනෙකුට ඖෂධ අවශ්‍ය නම් අදාළ එකීඖෂධ වට්ටෝරුවේඡායාරූපයක්ලබාගෙනඇප් එක හරහාඑය ළඟම ඇති ඖෂධහල වෙත යොමුකළ හැකියි.මෙමගින්බස්නාහිර පළාතේ ඕනෑම ප්‍රදේශයකට පැය 48ක් තුළ අදාළ ඖෂධ බෙදාහැරීමට පියවර ගැනේ.කිසියම් කෙනෙකුට ඖෂධ මිලදීගැනීම සඳහා වලංගු ඖෂධ වට්ටෝරුවක් නොමැතිනම්,ඔහුට හෝ ඇයට ඇප් එක හරහා නොමිලේ වෛද්‍යවරයෙකු හා සම්බන්ධවිය හැකියි. එහිදී වෛද්‍යවරයා  සෘජුවම අදාළ පුද්ගලයාගේ ඇප් එකට ඖෂධ වට්ටෝරුව යොමු කරනු ලබයි.

සෞඛ්‍ය සේවා නොමිලේ ලබාගැනීමට පහසුකම් සලසමින් ඩයලොග් රටම බලගැන්වූවා සේ ඒ හා සමානවමGuru.lkවැනි වෙබ් අඩවි වෙත නොමිලේ පිවිසීමට ඉඩ ලබාදෙමින් අධ්‍යාපනයෙන් ද ජාතියේ දූ දරුවන් බලගැන්වීමට පියවර ගෙන තිබේ.



කොළඹ කොටස් වෙළඳපොළ පහතට
Friday, 05 June 2020 - 8:16

කොළඹ කොටස් වෙළඳපොළේ මිල දර්ශක ඊයේ දිනයේදී සුළු වශයෙන් පහත... Read More

කොටස් වෙළඳපොල අද පැය දෙකක්
Thursday, 04 June 2020 - 8:47

දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබීම සහ රජයේ... Read More

හෙට දිනයේ සීමිත කාලයකට කොළඹ කොටස් වෙළඳපොල විවෘත වෙයි
Wednesday, 03 June 2020 - 22:18

හෙට දිනයේදී කොළඹ කොටස් වෙළඳපොල කටයුතු සීමිත කාල පරිච්ඡේදයක්... Read More