කොටස් වෙළදපොළේ වර්ධනයක්

Saturday, 23 May 2020 - 7:48

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ නැවතත් වර්ධනයක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය දිනය අවසනදී 4799.89 ක් ලෙස සටහන් වුණා.

ප්‍රධාන පෙලේ සමාගම් විස්ස නියෝජනය කරන එස්. ඇන්ඞ් පී. ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද වර්ධනය වෙමින් සටහන් වූයේ 2034.38 ක් ලෙසයි.

අඛන්ඩව දින 3 ක් රුපියල් බිලියනය ඉක්මවූ පිරිවැටුමක් වාර්තා කළ කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ පිරිවැටුම රුපියල් බිලියන දෙක ඉක්මවීම විශේෂත්වයක්.

මේ අතර, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීමක් ද ඊයේ දක්නට ලැබුණු අතර, ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 188 යි ශත 81 ක් ලෙසයි.