රන් මිල ඉහළට

Sunday, 31 May 2020 - 8:47

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ගෝලීය ආර්ථිකයේ අස්ථාවර භාවය සහ වෙළඳ යුද්ධයේ බලපෑම හේතුවෙන් ස්ථාවර ආයෝජනයක් ලෙස ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ යාමක් වාර්තාවනවා.

රන් අවුන්සයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 1750 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය තවදුරටත් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සඳහන්.

රන් මෙන්ම රිදී මිලද මේ මාසය තුළ සියයට 18.7කින් ඉහළ යාම විශේෂත්වයක්.

අනෙකුත් වටිනා බැර ලෝහ මිලද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි වෙළඳපොල වාර්තා පෙන්වා දෙන්නේ.


//