යළි ආරම්භ වූ කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රගතියක්

Tuesday, 16 June 2020 - 8:18

%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් පැනවුණු සීමාවලින් අනතුරුව කොළඹ කොටස් වෙළඳපොළ යළි ආරම්භවීමෙන් පසු ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව එහි සභාපති රේ අබේවර්ධන පවසනවා.

පසුගිය මැයි 11 වන දා කොටස් වෙළඳපොළ යළි ආරම්භ වූ පසු රුපියල් බිලියන 1.63ක දෛනික සාමාන්‍ය පිරිවැටුමක් අත් කර ගැනීම ඊට උදාහරණයක්.

එය පසුගිය වසර හා සසදන විට සියයට 35ක වර්ධනයක් ද සලකුණු කරන බවයි කොටස් වෙළඳපොළ සභාපතිවරයා සඳහන් කළේ.

එමෙන්ම, නැවත ආරම්භ වූ කොටස් වෙළදපොළ ප්‍රාග්ධනීකරණයට රුපියල් බිලියන 120.6ක වටිනාකමක් ද එකතු වී තිබෙනවා.

එමෙන්ම, පසුගිය දින 13 තුළ දේශීය ආයෝජකයන්ගේ දායකත්වය ද සියයට 68ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි කොළඹ කොටස් වෙළඳපොළ සභාපති රේ අබේවර්ධන වැඩිදුරටත් කියා සිටියේ.

කොටස් වෙළදපොළ සමස්ත මිල දර්ශකය ඊයේ දිනය අවසන දී 4910.83ක් ලෙස සටහන් වූ අතර, මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.6 ඉක්ම වූවා.