හාර්පික් සුවජන මෙහෙයුමෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 මඩින සටනට දැවැන්ත සවියක් (ඡායාරූප)

Friday, 19 June 2020 - 15:20

%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+-+19+%E0%B6%B8%E0%B6%A9%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කොවිඩි - 19 වසංගතය ශ්‍රී ලංකාව වසාගෙන පැතිරීමේ අවදානම තදින් මතුව තිබූ පසුගිය සමයේදී සිය සමාජයීය වගකීම් නොපිරිහෙළා ඉටු කිරීමට මෙරට ජනප්‍රියතම සනීපාරක්ෂක සන්නාමයක් වන හාර්පික් ඉදිරිපත් වී තිබිණි.

ඒ අනුව මහජනතාවගේ සනීපාරක්ෂක පහසුකම් නංවාලීම සඳහා ‘හාර්පික් සුවජන මෙහෙයුම’ වැඩසටහන යටතේ දිවයින පුරා විවිධ ව්‍යාපෘති සඳහා යොදවා තිබූ සිය සම්පත් සහ අරමුදල් කොවිඞ් - 19 මඩින සටන සඳහා යෙදවීමට හාර්පික් කටයුතු යොදා තිබිණි.  

ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඞ් රෝගීන් සඳහා ප්‍රතිකාර කරන එක් රෝහලක් වන මිනුවන්ගොඩ මහ රෝහල නවීකරණය කිරීම සහ එහි වාට්ටු තුනක් සම්පූරණයෙන්ම පිළිසකර කර කොවිඞ් රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට බාර දීම මේ යටතේ සිදු වූ විශේෂතම ව්‍යාපෘතියක් වේ. හාර්පික් සුවජන මෙහෙයුම සම්පත් හා අරමුදල් දායකත්වයෙන් සිදු වූ මෙම මෙහෙයුමට සම්පූර්ණ ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සපයා තිබිණි.

කොවිඞ් අර්බුදය ආරම්භ වූ වකවානුවේදී මිනුවන්ගොඩ රෝහලේ මෙම වාට්ටු 3 ඉතා අබලන් තත්ත්වයේ පැවති අතර ඉතා ප්‍රවේශමෙන් ප්‍රතිකාර කළ යුතු කොවිඞ් රෝගීන් රැකබලා ගැනීම සඳහා මු`ඵමනින්ම නවීකරණය කිරීමට අවශ්‍ය විය. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශය හරහා සම්බන්ධීකරණය කෙරුණු මේ ව්‍යාපෘතිය යටතේ මෙම වාට්ටු 3 සම්පූර්ණයෙන්ම පිළිසකර කර පින්තාරු කර මු`ඵමනින්ම නව වාට්ටු බවට පත් කෙරී ඇත. ඊට අමතරව බාහිර රෝගී අංශය සහ රෝහලේ වැසිකිළි පද්ධති 18 ක්ද සම්පූර්ණයෙන්ම පිළිසකර කර නවීකරණය කිරීමට හාර්පික් විසින් කටයුතු යොදා තිබිණි. මේ ස්ථාන මෙලෙස නවීකරණය කෙරුණේ වසර 40 ක් තරම් දීර්ඝ කාලයකට පසුව වීම විශේෂත්වයකි.

”සහයෝගය අත්‍යවශ්‍යවම තිබූ මොහොතක හාර්පික් විසින් මිනුවන්ගොඩ රෝහල වෙනුවෙන් දැක්වූ දායකත්වය අපි ඉත සිතින් අගය කරනවා. අපි අපේක්ෂා කළ මට්ටමටත් වඩා ඔබ්බට ගොස් රෝහලේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමට හාර්පික් ගත් වෙහෙස ඉතාම ප්‍රශංසනීයයි. එහි ප්‍රථිඵලයක් වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඕ - 19 මඩින අභියෝගයට ඉතා සාර්ථකව මුහුණ දෙන්නට අපට හැකි වුණා” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ආයතන සංවර්ධන අධ්‍යක්ෂිකා වෛද්‍ය තිළිණා වනිගසේකර මහත්මිය පැවසුවාය.

”කොවිඞ් වසංගතය පැතිරීම ආරම්භ වීමත් සමඟ ඊට මුහුණ දීමට ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වීම අවශ්‍ය වුණා. ඒ නිසා අවදානම් කලාපයක් බවට පත්ව තිබූ ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඞ් රෝගීන්ට ප්‍රතිකාර කරන එක් ප්‍රධාන රෝහලක් වන මිනුවන්ගොඩ රෝහලට අවශ්‍ය සහය ලබාදීමට අපි ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වුණා. එහි ප්‍රථිඵලයක් වශයෙන් වෛද්‍ය චන්ද්‍රගුප්ත මහතා ඇතු`ඵ සෞඛ්‍ය කාර්යමණ්ඩලයට මේ අභියෝගයට මුහුණ දීම පහසු කිරීමට හැකි වීම අපට විශාල සතුටක්” යැයි මෙම් ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් රෙකිට් බෙන්කිසර් ලංකා සමාගමේ සනීපාරක්ෂක අලෙවි අංශ ප්‍රධානී චතුරිකා ෆොන්සේකා මෙනෙවිය පැවසීය.

මිනුවන්ගොඩ රෝහල් ව්‍යාපෘතියට අමතරව හාර්පික් සිය ”හාර්පික් සුවජන මෙහෙයුම” ව්‍යාපෘතිය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව කොවිඕ 19 සඳහා ප්‍රතිකාර කරන තවත් රෝහල් සහ පරීක්ෂණ මධ්‍යස්ථානවල පහසුව පිණිස සිය ජංගම වැසිකිළි ඒකක පිහිටුවීමටද කටයුතු යොදා තිබිණි.

හාර්පික් යනු ලොව කීර්තිමත්ම පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන රෙකිට් බෙන්කිසර් සමාගමේ ප්‍රමුඛතම සනීපාරක්ෂක නිෂ්පාදනයකි. ඩෙටෝල්, ස්ටෙ‍්‍රප්සිල්ස්, වීට්, එයාර්වික්, ඩියුරෙක්ස් සහ ලයිසෝල් ආදී පාරිභෝගික විශ්වාසය දිනූ නිෂ්පාදන රැසක් ගෙනඑන රෙකිට් බෙන්කිසර් ලංකා සමාගම පසුගිය වකවානුව තුළ කොවිඞ් මඩින සටනට නන් අයුරින් දැවැන්ත දායකත්වයක් දක්වා ඇත



පීඩාවට පත් ව්‍යාපාර 20,000 කට රුපියල් බිලියන 53 ක්
Saturday, 04 July 2020 - 19:53

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර 20,240 කට සෞභාග්‍යා කොවිඩි... Read More

රුපියල ශක්තිමත් වෙයි
Saturday, 04 July 2020 - 7:38

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් ඊයේ... Read More

මහබැංකුවෙන් තවත් දැනුවත් කිරීමක්
Friday, 03 July 2020 - 20:00

මෑතකදී හඳුන්වා දුන් විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමේදී... Read More