ප්‍රමිතියෙන් තොර දඟර කම්බි සොයා දිවයින පුරා විමර්ශන

Sunday, 28 June 2020 - 8:24

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB+%E0%B6%AF%E0%B6%9F%E0%B6%BB+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%92+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලද පැමිණිලි මත ප්‍රමිතියෙන් තොර දඟර කම්බි සොයා දිවයින පුරා විමර්ශනයක් සිදුකර තිබෙනවා.

දැනට වෙළඳපොලේ පවතින ඇතැම් වානේ කම්බි නියමිත ප්‍රමිතියට නොමැති බවට සහ අනුමත බරින් යුක්ත නොවන බවට පැමිණිලි ලැබී ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

ඒ අනුව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි සෑම වානේ නිෂ්පාදනයකින්ම ලබාගත් සාම්පල පරීක්ෂණාගාර වෙත යොමුකිරීමට කිරීමට පියවර ගෙන තිබෙනවා.